Friday, September 7, 2012

M3 මතක පෙළක්...

   

ගිය ට්‍රිප් එකටත් නිගරුවකි මුන්..

                                          
                                                  
                                                   බස් එකෙත් සූදුව නම් අමතක නැත..
                                                
                                                 
                                                      ෆොටෝජෙනික් M3 ගැහැණු ළමයි...


                                               

                                                   Section එකක් run කල සිසුන් පිරිසක්..




                                                     වඳුරු රැලක් නොවෙයි..




CreAtiVe ARtiST 



Thursday, September 6, 2012

ඒ දවස් වල දවසක් .....


මම තද නින්දේය..එහෙත් මොහොතක් පමණි..කනට ටකරමකින් ගසන්නාක් මෙන් හඬකින් මා උඩ ගොස් බිම වැටුනේ cartoon එකක පරිද්දෙනි...අයියෝ මල කරුමයකි..alarm එක කන පැලෙන්න වදී..9 වසරේ පුංචි කොලු ගැටයන් වූ අපිට එකල දැන් 6 වසරේ කොලු බට්ටන්ට මෙන්  android mobile 4n තිබුනේ නැත..හද්ද පරණ ඔරලෝසුවේ හඬට මා පමණක් නොව එහා ගෙදර ගැහැණු ළමයද ගැස්සී ඇහැරෙනු නිසැකය..අම්මා "නැගිටලා තේ එක බීපන් " යි බෙරිහන් දෙන හඬද අතින් අසෙය්...නිදිමතේ ඇඳෙන් බහින මම දිව ගොස් මුණ සෝදාගෙන,කා බී වහාම පාසල් යන්නට සුදානම් වෙන්නේ පන්තිභාර මිස් කොන්ඩේ මැදින් බෙදා එනාවා,වවාගෙන එනවා යි කියා දෙමාපිය රැස්වීමේදී චෝදනා කිරීම නිසා පියාගෙන් උදේ පාන්දරම සොඳුරු වදන් කීපයක් ඇසීමත් සමගය..එහෙත් ඒවා ඇසීම උදේ කෑම ගැනීම මෙන් සාමාන්‍ය වූ නිසා ගානකටවත් නොගෙන මම පාරට බැස්සෙමි..

පාසැල පටන් ගන්නේ 8 ට ය.තවමත් වෙලාව යන්තම් 6 පසු උනා පමණි..ශාන් බඩා ගෙවල් ළඟ හිටි කලයේනම් උගේ කාමරයේ වහලයට ගලක්වත් ගසා යාම පුරුද්දය්..දැන් උත් මෙහෙන් ගොසිනි.....හ්ම්ම්ම්..කියා පාර අසල ඇති ගෙයකින් ලස්සන ගැහැණු ළමයෙක්වත් පාසල් යාමට එලියට බසීවී යන සිතුවිල්ලෙන් ගමන් ඇරඹුවෙමි..ඇත්තම කිවොත් ලස්සන කැබැල්ල කපා හැරීමට සිදු වෙයි..දිලින හා මා සැමවිට පවසන අයුරෙන් ගෙවල් ළඟ තියා මේ හතර මායිමකම ලස්සන කෙල්ලෙක් නැත...ඉතින් කවුරුන් හෝ ස්ත්‍රී වර්ගයෙන් එලියට බසී යන සිතුවිල්ලෙන් ගමන අරඹ කරෙමි..එහෙත් කවුරුත් නැත..තවත් හීනයක් පමණි..කම්මැලිකමේ බස් හෝල්ට් එකට එන විට දිලිනයාද දුවගෙන එයි..බස් එක අනිවා කට කපා පිරී ඇත...foot board එකේ එල්ලුන පසු අන්ජුලයද ඇතුලේ  සිට අත වනයි... එහෙමත් නැත්නම් වෙදා(යසුරයා) සෙට් වෙය් ..හෝමාගම දී බසයට නැගීමට පෙර තව මොකුන් හෝ දෙන්නෙක් තුන් දෙනෙක් සෙට් වෙය්..

කස්ටියම 138 හි නැගී පාසලට එන විට යන්තම් වෙලාව 7 පහු වනා පමණි..පාසල ඇතුලට යන විට මා බසයෙහි හොරෙන් ඇවිත් ඉතුරු කරගත් රුපියල් 7 දිලිනයාට පෙන්නද්දී, උත් සිනාසී සාක්කුවට ඇත දමා රුපියල් 7ක් එලියට ගෙන මට පෙන්නයි..දෙදෙනාම පට්ට හොරුය..කවදාවත් මාට්ටු උන බවක් මතකයේ නම් නැත..පිට්ටනිය පසු කරන විට ශ්‍රී නුවන්,චරිත්,තුයියා,යසන්තයා,අරෝශයා පමණක් නොව cricket තියා ටීක් බෝලවත් ගහන්නේ නැති  අපේ blacka (ඩේවිඩ්)  ද පිට්ටනියේය.. මමත් පන්තියට යන අදහස අත්හැර පිට්ටනියට බසින්නට හිතුවත් නැවත බෑ කියා සිතෙය්..දිලිනයා කිවා මෙන් ඔබ නැතිව ඉන්න බැරි තරමට”  සීන් එකක් පන්තියේ සහ මගේ හිතේ  සිටියේය..ඉතින් එකත් බලා සුවඳ විද එන අදහසින් පන්තියට ගොස් බෑග් එක විසි කර, නැතිව ඉන්නට පුළුවන් වන තරමට සුවඳ විද බලා(සුවඳ විද බැලීම යනු ඈත සිට බැලීම පමණක් බව කරුණාවෙන් සලකන්න..), පිට්ටනියට එන්නේ යාදවයා හෝ පන්තියට එනකොටම එන වීරේ හා කොදා වද එක්කගෙනය.

ඉන්පසු ආරම්භ වන්නේ මහා කිරිකොස් තරංගයි...ඒ 9 බී සහ 9 ඩී පන්ති අතරෙයි...9 එෆ් එකත් සමහර දවසට සෙට් වෙය්(නැත්නම් පොඩි උන් ටිකක් සොයාගෙන උන් මඩවයි..)..ඉෂාන් 6 ඒවා පලය්...මඩයා මඩ කාගෙන දුව විත් පන්දු යවය්...මෙහෙන් ශ්‍රීනා ,චරියා 6 ඒවා පලය්..යසන්තයා යෝදයා වගේ මුළු ශක්තියම යොදා ඩොටේ 6 ඒවා ගසය්...භාග්‍ය කාරයා දුව විත් හින් පන්දුව දමා ගැසී...අරෝශයා පුළුවන් උපරිම දඟ කවා පන්දුව දමලාම නෙලය්...මාත් ඉතින් ඉඳ හිට 6 පාරක් ගසා,කඩුල්ලකුත් ගනී...ඔය අතරේ ඉරේෂා,දේශානි,නිමාෂා  සහ පන්තියේ අනිත් කෙල්ලන් පිට්ටනිය අසලින් ගමන් කරය්...එවිටම වාගේ ශ්‍රී නුවාන්..... ,චරිත්...... ,චමිදු...... යි කෑගැසීම් ලෝකයක් අසෙය්...කෑගැසීම් එක් කොනකින් පටන් ගෙන පිට්ටනිය පුරා ශබ්දය වැඩි වෙමින් මුවෙන් මුව එකතු වෙමින්  පැතිර යන්නේ  පාසල් සම්ප්‍රදායක් මෙනි..

එහෙත් එක වරම පාසලේ සීනුව නද දෙනු අසෙය්..කිසිවකුට ගානක්වත් නැත..සෙල්ලම දිගටම කෙරෙය්...දෙවන සීනුවද නද දෙය..එවිටම ශිෂ්‍ය නායක හැතිකරය පැමිණේ...වෙනුර අයියා  ද,භාෂිත අයියා ද අනිත් උන් ද (එකල නම් මුන් හැමෝම එකම ජාතියේ එපා කරපු උන්ය...) ඇවිත් අපව එලවන තෙක් අපි නම් හෙලවෙන්නේ වත් නැත...ටැප් එක ලඟට කෙලින්ම ගොස් රැස්වීමට යි...එතන සීටීම තරම් එපා කර දේවල් ඇත්තේ තව එකක් හෝ 2ක් පමණි...රැස්වීමේ කතා අසා කොන්ඩේ හංගාගෙන, shirt එකේ බැගී යට කරගෙන ශිෂ්‍ය නායකිනට අහු නොවී පංතියට එන තෙක්  ඉවසුමක් නැත..අහුවෙන උන් හැමදාම ඇහුවේ(මේ අපි වගේ)..එතනත් කට්ටක් කා ශිෂ්‍ය නායකයන්ට chater වී ජාමේ බේරාගෙන පන්තියට වෙලාවට පැමිණිය යුතුය..
කෙසේ හෝ එකත් කර පන්තියට එනනේ ගණිතය ගෙදර වැඩ ටික copy කිරීමේ අදහසිනි...එක නොකරොත් හේමලතා මිස් ගෙන් කනෙන් අල්ලාගෙන කුණු බැනුම්ය..chater වීම් ගොඩක්ය...අනිත් මිස් ලා නම් අපි ගණන් ගන්නෙවත් නැත ...ගෙදර වැඩත් කරන්නේ නැත...අපගේ භීතිකාව ගණන් පමණි....

විද්‍යාව මිස් පරීක්ෂණයකට ගේන්නට කියූ අරෝශයා ගෙනා රා බෝතලය අන්තිම periode එකේ මිස් එන විට අවසන් වී ඇත...වැඩේ අතේ මට්ටුය..හැමෝම එහි රස බැලීමට මුඩියෙන් 1ක් බැගින් පානය කර ඇත..බෝතලයම ඉවර වීමට කී දනෙකු නම් පානය කරන්නට ඇත්ද? ඉන්ගිරිසි වෙලාවේ මිස් නැති නිසා සෙල්ලම් කරනට ගොස් පිට්ටනියේ වතුර බටයක් කඩා ගාමිනියට මට්ටුය..සිරිපාල සර්ව යන්තම් කොදාගේ පිහිටෙන් shape කරගත්තේය..හිටිවන කවි වලින් මිස් කෙනෙක් හා දුවෙක් ගැන කියා මට්ටු උනේද අපිමය..පන්තියම ලේනියා සහ හාමුදුරුවන් ළඟය..කෑවේ දඩ පයිප්ප කැබල්ලකිනි..අපි පාරවල් 3 බැගින් කන විට ගැහැණු ලමය් ටිකත් එකෙන්ම හොඳ පාර බැගින් කෑවේය..පෙර කල කරුමයකට ඒ දවස් වල මන් පන්ති නායකයා උන බැවින්(නායකකමේ හැටි හිතාගත හැකිය) අතිරේක පහරවල් 2ක්ද ලැබුනේය..කෙසේ වෙතත් කිසිවකු කට ඇරියේ නම් නැත.ගැහැණු ළමයද එසේමය..කිසිම පාවාදීමක් නැතුව අපි අපේ පංගුව බෙදාගත්තේය..ටික දිනකින් පැවැත්තු පොත් වෙලන්දසලෙන් පොතක් උස්සා මට්ටු වුයේද අපේම එකෙකි..පොත හැන්ගුවේ බුදු පිළිමය යටය..පසුව cupboard එක යටය..වැරදි කරුවන් සොයා ආ  කඩේ අය්තිකරුවන් පන්තිය check කිරීමට ගොස් තව පොඩ්ඩෙන් නැවත යන්නේ  ශෂික යාගෙන් හොඳ කනේ පාරක් කෑමෙන් පසුය..තවත් කිව හැකි නොහැකි කතා රැසක් සිදු විය..ඒවා දන්නෝ දනිති..දැන් කියවන විට  මතක් වනවාද නිසැකය..ඒ කාලයේ හිටිවන(කුණුහරුප) කවි රැල්ල ඉහලටම නැග තිබුණි..අරෝශය,ශෂිකයා,ඩේවිඩ් ඒ  පිළිබඳව නිපුණයෝ වුහ..clip ගැසීමද සුපුරුදු අංගයක් විය.. පන්තියේ හිස් වෙලාවක් තිබුනේ නම් එක්කෝ පිට්ටනියේය..නැත්නම් හිටිවන කවි තරඟයක් පන්තියේ මොන කොනකින් හෝ ඇසෙන්නට විය..එකල 9 බී section එකම රජ කල කාලය විය..සෑමදාම රැස්වීමේ 9 බී ගැන විශේෂ අවවාද විය..සෑම සතියට වරක්ම එක්කෝ හාමුදුරුවන් හෝ ලේනියා ලඟට යාම පුරුද්දක් විය..

කාලය එසේ ගතවෙයි.පාසැල නිම වී දිලිනයා හා මා බසයට නගින්නේ තව තව රාජකාරි අවසන් කොට තවත් වරුවක් පමණ බස් ‍හෝල්ට් එකේද වැඩ සිටය..ඒ රාජකාරි කාලයෙන් කාලයට වෙනස් වූ ඒවාය..දිලිනයාට දෑවැද්දට ලැබීමට තිබු පරණ කාර් කට්ට බැලීම ඉන් එකකි..මටත් එක එක කාලයට බැලීමට දේවල් තිබිණි..එක කාලයක ඉක්මනින්ම හෝමාගමට යන්නට ඕනා වූ ලෙඩක් විය..තවත් වරක සැහෙන්න කාලයක් බස් හෝල්ට් එකේ සිටීමට අවශ්‍ය වූ ලෙඩක් විය...ඔය මොන ලෙඩේ තිබුනත් බස් හල්ට් එකේදී කෙසේ හෝ හෝමාගමට හෝ පහු කර යන තවත් කවුරුන් හෝ සෙට් වෙයි..හෝමාගමින් බැස ආච්චි කෙනෙක් සිටිනා 128 හෝල්ට් එක ළඟ කඩයට ගොඩ වන්නේ රුපියල් 10 බැගින් දමා පෝටෙලෝ එකක් බීමේ අදහසිනි...එහෙත් කඩයට ගොඩවීමේ පළමු අරමුණ වුයේ කඩෙන් ස්මර්ටිඑස් එකක් හෝ චොක්ලටේ එකක් ඉස්සේමය..නැත්නම් අතට අහුවෙන ඕනෑම දෙයක් ඉස්සීමය..ඉඳ හිට දිනයකට වැඩේ සාර්ථක වෙයි..වරක් ස්මර්ටිඑස් පැකට් එකක් ඉස්සෙමට ගොස් වැල පිටින්ම ස්මර්ටිඑස් පැකට් 10ක් පමණ ඇදී ආ හැටි තවමත් ඒ වාගේම මතකය...
ඒ කෙසේ වෙතත්  එතරම් සොඳුරු කාලයක්,අත්දැකීම් ගොන්නක් විඳින්නට ලැබුණු එකේ අගය අපට තේරෙන්නේ දැන්ය.ඒ කාලයේ වටිනාකම සතුට,නිදහස,දාන්ගලය මතක් වන විට සිත තවත් ප්‍රීතියෙන් උතුරා යයි.එය කෙදිනකවත් අපිට අමතක නොවනවා නිසැකය...

අවසාන වශයෙන් මට කියන්නට ඇත්තේ මේ කතාවේ 9B පමණක් නොව  8,9,10,11 වසර  mix වී ඇති බවය..ලියනවානම් හැම වසරටම එක කතාව බැගින් ලිවීමට තරම් සොඳුරු මතක රෑනක්ම ඇත..එහෙත් කාලය...එම නිසා කාලයන් පිළිබඳව වැරදි ඇත්නම් ඒවා නොසලකා හරින මෙන් කරුණාවෙන් දැනුම් දෙමි...මතකයන් මතකයන්මය. එම නිසා මට ඒ පිළිබඳව සමාව ලබාදෙනු මැනවි...


11 වසරේ මතක රැගත් සුන්දර කොරිඩෝව

11-A සිට F  සියළු පංති (photographed by TT)





මෙම ස්ථානයේ රැඳී මතකයන් සමග අපි ළඟදීම නැවත එක්වෙමු..

ලිව්වේ ------PraVeeN
=CreAtiVe ARtiST=

Tuesday, September 4, 2012

ඉස්කෝප්ප බූරුවා



a/l පටන් ගැනීමත් සමග සියළුම පන්ති වල සූදු කෙලිය දරුනුවටම සිද්ධ විය . පන්තියක card pack එකක් අනිවාර්්‍ය සාධකයකි . sportmeet කාලයේ අතිරේක ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙස ආරම්භ වූ මේ සූදූ කෙළීය ටික දවසකින් පන්තියේ දවසේ අනිවාර්්‍ය සාධකයක් විය ... බැරි යැයි සිතා අ‍ධෛර්‍යය නොවී අපේ පන්තියේ සිටි කෙල්ලන්ද මේ ඕමි කෙළීයට set විය  . මට මතක විදියට සමහර වේලාවල් වල පන්තියේ  ඕමි සෙල්ලම් 5ක් සිදුවුන වේලාවන්ද විය . maths section එක ටික දවසකින් casino royal මෙන් වූයේ m-3 එක විසින් වෙන වෙන card ක්‍රීඩාද හදුන්වාදීමත් සමගය ...අවසනාවන්ත ලෙස මේ සියළු දේශීය ආදායම් පොදු විනෝදාසිවාද දෙපාර්තමේන්තුව වැසී ගියේ පෙපා පොලීසිය විසින් කල හදිසි වැටලීමක් වැටලීමක් නිසාය ...මේ කියන්නට යන්නේ ඒ වැටලීම සිදු වූ ආවාසනාවන්ත ඇත්ත කථාවයි .....
කථාව කියන්නට පෙර මම කථෘ නායකයා වන මදූෂ වලවගේ (වල  වගේ) හෙවත් වලා ගැන කිව යුතුය . වලා යනු හොද මීටරයකි එහෙත් කොහෙන් ගියත් ගොන් පාට් වැඩකව කැමැත්තෙන්/අකමැත්තෙන් දැන/නොදැන අනුමොදං වීමේ සහජ හැකියාවක් ඔහුට විය ...දිනක් බොහොම පරිස්සමට ඉස්කෝලයද කට් කර ගෙදරටද හොරා අවිස්සාවේල්ලේ නාන්නට ගොස් කිසුදු අතුරැ ආන්තරාවක් නොවී නැවැත ගෙදඑ පැමිනි ඔහු වැඩි හොදට තෙත යට ඇදුම වැලේ වනා ගොස් ඇත්තේ ඉක්මනට වෙලීමටය ... මොකද පුතේ ඉස්කෝලේදි චූවත් ගියාද දන්නේ නැතුව ජිවිතේට ආපු ගමන් රෙදි නොසෝදන තම පුත්‍ර රත්නයගේ තෙත ජොකා දුටු අම්මා ආසා ඇත .... වලාට එයින් වැලේ වැල් නැත .
අලුතිනා sim එකක් ගත් මම දිනක් වලාට miss call  එකක් ගැසුවෙමි .... හැරෙන තැපෑලෙන් ආයේ මට miscall එකකි ....මම ආයේ rings 2 ක් දුන්නෙමි .....
<who r u  ….?? >
අම්මට සිරි කිව්වලු වලා කඩ්ඩෙන් කොටයි
මම : <I know u ayya…… whats ur skull ayya ? > වැඩි posh එකට මම ayya යැයි ඔහු ඇමතුවෙමි
වලා : <i`m from royal collage nagi>
කෑගැස්සෙනවා .... කවද ඉදලද බොල ධර්මපාලෙට royal කියන්න ගත්තේ ...... එදා සිට ඔහු royal වලාය .....
ඒ ඔහු ස්වකැමැත්තෙන් කරගත් වැඩය .....
ආයේ ඔහු a/l ලියන්න ආවේ කනේ තඩි plasterayක් ගසාගෙනය .... ප්‍රශ්න පත්‍ර දෙන්නට පෙර ශාලාවේ ඉදන් සිටි සිට කොල්ලො මේක දැක්ක වෙලේ සිට කෑගසන්නට ගත්තෝය ....
ආහ් වලා තෝ Bluetooth ගහන් ආවා නේ?
කව්ද අර camps ගියපු අයියද එහා පැත්තේ line එකේ ඉන්නේ ?” ආදී මොන්ගල් ප්‍රශ්න අසන්නට විය...
අනේ පල හු....යැයි නොකියා කියා ඔහුද ආතල් එකට සෙට් වෙවි එයට නොයෙකුත් උල් පන්දම් දෙයි ....
ඔව් බං 500ක reload එකක් දාලා ආවේ ....
මේක බලං සිටි ශාලාධපති මැඩම්ට මූ ගැන ඇත්තටම සැක හිතේන්නට ගත්තේය ......දැං ඇය මෙය ගොස් තව කෙනෙකුට කියයි ... ඇයද කසු කුසු ගාමින් මූ දිහා බලං සිටී .... වලාද අඩුවක් නැතුව හැමටම සංග්‍රහ කරන සිනහාවෙන් කට පුරා ඇයටද  සංග්‍රහ කරයි ... ඒක මැඩම්ට කොහොමටවත් දිරෙව්වේ නැත ... එවර පෙරලාගෙන වලා ළගට පැමිණි මැඩම් ඔහුත් එක්ක මොනවදෝ කථා කරයි ... ආයේ bolt point පෑනෙන් මුගේ කනට අනින්න හදයි ... මූද නිකන් jet lee block කරන් මෙන් එහේ මෙහේ වෙයි .. ආයේ මැඩම් හීමීට සිනහවක් පාමින් චාටුවෙන් මෙන් මුගේ plaster එක ගලවන්න try කරයි ...එතන හෙනම විකාරයකි ... අවසානයේ දැඩි උත්සාහයකින් පසු මූ Bluetooth දමා නැති බව ඇය තහවුරු කරගත්තාය .... ඒ වලාට bonus set උනු සිද්ඨීයකි ...... මෙලෙස වලා සහ ඔහුගේ දෛවය ගැන යම් අවබෝධයක් දැන් ඔබට ඇතැයි මම සිතමි ......
ඔන්න දැන් original කථෘව ......
සේනාත් මමත් වලාත් චන්නත් එක කෙලවරක සෙල්ලම් කරයි ... තව කෙලවරක සෙම යුවල (සෙව්වන්දි මයුර)  සහ මතක විදියට අෂෘන් සහ ඉරේෂා සෙල්ලම් කරයි ..... එවෙලේ දියවැඩියා රෝගියකු මෙන් නිකර දොට්ට පිලට යන චරිත් කාලිංග පංතියට පැමිණයේ මූණ පිසදමමින් ඒහ් පෙපා එනවා කියමින්ය .... වෙනදා කෑගසමින් පෙරලගෙන එන චරිත් අද හෙමින් එනේනේ පෙපා අතගාවම ඇති නිසා බව කස්ටියට තේරුණී .... අනෙක් set එක සැනකින් card වික පහත් කරගන්නට සමත් විය . අම්මට සිරි පෙපා පන්තියේ දොරකඩය ...
සුපුරුදු ලෙස සේනාගේ හොරබාල්දු නිසාද , අපි දෙදෙනා විසින් එවෙලේ ක්‍රීඩාවේ උන්නතීයට සහ අපගේ වාසියට සැදූ නිතී කිහිපයක් නිසා සේනා සහ මම සිටියේ කපෝතියක් ගසා කැට කොළ 5ක් ගන්නට අත ළගය ... පෙපාගේ රූපශ්‍රීයද , ඔහුගෙන් අනත්තවත් කා ඇති කම්මුල් පාරවල්ද සිහිවූ මම හිමීට ඒහ් අත පල්ලෙහා දාපං යැයි කීවෙමි . තවමත් අපි වාසානාවනතයි පෙපා තවමත් අප දැක නැත . පන්තියද මීයට පිම්බාක් මෙන් සද්ධයක් නැත . වලා ඇරෙන්න අනෙක් දෙදෙනා timing ඇතුව අත හංගා ගන්නට සමත් විය ...
 game එකට full set වී දොරට පිටුපා සිටි  වලා සිතිවේ මම මේ කියන්නේ ආහ් තොපිලා පරාදයි අපි කපෝතිය ගැහැවා ඒ හින්දා අත පල්ලෙහා දාපං යැයි කියනවා කියාය ...
අඩෝ කම්බ හොරු දෙන්නා තොපිලට දිනන්න දෙන්නේ කොහොමද යැයි සිතින් සිතමින් දිව විකා ගත්  ඔහු කපෝතිය නැවැත්වීමේ දැඩි අධීෂ්ඨානයෙන් පුටුවෙන්ද භාගෙට නැගිටමන් ... full silent පංතිය දෙක වෙන්න කෑගසමින් මෙසේ කිව්වේ චන්නයාට ඇගිල්ලකුත් දිකු කරමින්ම .
අඩෝ ඉස්කෝප්ප බූරුවා ගහපං ඉස්කෝප්ප බූරුවා ගහපං
ආාාාහ්  ඉස්කෝප්ප බූරුවා නේ ..... මෙහෙට වර ... තොපිලට විභහගයක් අතළග තියාගෙන ඉස්කෝප්ප බූරුවා නේ කියන්නේ  
අපි ගසමින් සිටි අත පමණක් නොව මුළු පන්තියම කපෝති විය .... පෙපා card pack එක කුදලා ගෙන ගියේය .. වලා වැඩි හොදට සාක්කුවේ තිබු කැට කොල විකද දුන්නේ හදිසියේ පෙපාටද අතක් බලන්නට සිතුනොත් කැට හිග වී අපහසු තාවයක් ඇති නොවීමටය .......
එයින් පසු ඕමි ක්‍රීඩාව අපගේ ප්‍රසිද්ධ සුලභ භාවිතයෙන් ඉවත් වු අතර , royal වලාගේ උපැන්නයද ඉස්කෝප්ප බූරුවාලෙස වෙනස් විය .....
a/l වලින් ඉස්කෝප්ප බූරුවා කොළඹ campus physical science selecte විය ....  දිනක් නිකමට මෙන් පරණ කස්ටිය හමුවීමේ අදහසින් මම කොළඹ campus එකට ගිය විට මට වලාව හමු විය .. ඒ නිකන් නොව තවත් නාඹර එකියක් සමගය ..... කොළඹ campus සිටින sacry සහ තාරක සමග මම සිටිනු දුටු වලා හෙමිහිට කෑල්ලව හලා අපි ළගට ආවේය .... shape එකේ මට ළං වු ඔහු මෙලෙස මැසිවිලි නගන්නට විය ....

අඩෝ අර ඉස්කෝප්ප බූරුවාගේ කථාව මෙහේ උන්ටත් ආරංචි වෙලා බං ......

Monday, September 3, 2012

අග්නි සරයේ මතක (නිසදැසක මතකය)

සැලකිය යුතුයිමේ පෝස්ට් එක මම ලියුවේ මගේ බ්ලොග් එකටය (  කොම්පීතරයා  ගේ වාසභවන).
කෙසේ වෙතත් මගේ අතිජාත මිත්‍රයා ආරම්භ කරන්නට වූ නවතම කර්තව්‍ය දුටු ඇසිල්ලේ  මීට අවුරුද්දකට පෙර ලියූ මේ පෝස්ටුවනැවතත් අපගේ සුන්දර විද්‍යා දින මතක් සටහන් අතරේ copy paste කර තබන්නට  සිත් දුනි විද්‍යා දිනය වෙනුවෙන් දා බිදු, කදුළු හෙලූ, බොක්කෙන්ම sup එක දුන් සැමටම මෙය උපහාරයක් වේවා!!!!! -  කොම්පීතරයා 

දවස් 3ක විතර හීනි නිවාඩුවක් හම්බවුන නිසා සිතට දැනුනේ මාර lovely feeling එකක්.හිතට ආපු නිදහසේ කාහල නාදය කොච්චර සුමිහිරිද කියනවානම්, සතියකට කලින් කරන්න හිතාගෙන හිටපු වැඩ කීපයක්ම මගේ මනස ඉදිරියේ ඉතාමත් පැහැදිලි ස්වරූපයෙන් මැවී පෙනුනා.කවදත් වගේ හිතට ආපු 1st feeling එක වුනේ හොඳ ආතල් නින්දක් දාන එක."පැය 24න් පැය 12ක්ම කරන්නේ නිදාගන්න එකනේ...." ඔන්න මගේ ආදරණීය සිතුවිල්ලට අපේ අම්මා දුන්න reply එක. අග්නිසරයක් වගේ එල්ලවුන අම්මාගේ සත්‍යවාදී reply එක ඉදිරියේ මම,මගේ සිතිවිල්ලත් කුදලාගෙන side ගැහුවා. ඊටපස්සේ මම කල්පනා කලා,"යකෝ...2nd semester එක්සෑමුත් ළඟ ළඟම එනවනේද?අන්තිම වෙනකන් හිටියොත් sorry.com තමා" කියලා.එහෙම කල්පනා කරපු මම,පොත් ටික එක්කාසු කරගෙන මේසෙට ගොඩ උනා.ගොඩ උනාට මොකද,පොත් ටික එකතුකර ගත්තම මට ඒ ටික පෙනුනේ පුද්ගලානුරූපීව,හරියට මාව ගිලගන්න බලාගෙන ඉන්න යකෙක් වගේ."විභාගයට සතියකට කලින් පාඩම් කිරීම" කියන න්‍යාය කොහෙද ඉඳන් මට කතා කරනවා වගේ හැඟිච්ච නිසාම,මම මේසෙන් නැගිට්ටේ තව මොනවද ඉතුරුවෙලා තියෙන options කියලා කල්පනා කරගෙන.

Idealessව වටපිට බලපු මට,තවත් idea එකක් ඔළුවට කිඳාබැස්සේ මගේ අතිවිසාල පොත් රාක්කය දැක්කමයි.අන්තිමට පොත් රාක්කය සුද්දකලේ(හරියට) මීට මාස 2කට විතර කලින් වෙච්ච නිසාමදෝ,ආපහු ඒක මකුළුවන්ට කදිම ජනාවාසයක් බවට ඉතාමත් වේගයෙන් පරිවර්තනය වේගෙන එන බව මගේ විනිවිද දකින සුලු ඇස් දෙකට පෙනී ගියා.හිතට ආපු kick එක ආශිර්වාදයක් කරගෙන හා හා පුරා කියලා පටන් ගත්තා පොත් රාක්කෙ අස්කරන්න.දූවිලිවලට හරි සංවේදී වෙච්ච නහයක් උරුම මම,හෙම්බිරිස්සාවේ අනිසි දුක උරුම කරගන්න කැමති වුනේ නැති නිසා,ලේන්සුවකින් නහය වහගෙන වැඩේ continue කරගෙන ගියා.වැඩේ continue කරගෙන යනකොට මට අහු උනේ හරි අපූරු පොතක්.ඒ තමා අපේ Science Day එකේ Souvenir එක. Souvenir එක දැක්කම මගේ මතකය,අවුරුදු 2ක අතීතයට  පටස් ගාලා log උනේ high speed internet connection එකක් පාවච්චි කරනවා වගේ.Science Day එක organize කරපු හැටි,laptop හොයාගන්න බැරිව ගෙවල්වල තිබ්බ desktop pc ටික උස්සගෙන ගිහින් එක තැනක සෙට් වෙලා වැඩ  කරපු හැටි,සල්ලි හොයාගන්න organizersලා හොයාගන්න චාටර් කාපු හැටි,එකී නොකී හැම දේම මතක් වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ.ඒ මතකෙත් එක්ක souvenir එකේ පිටු කීපයක් පෙරලනකොට මම නැවතුනේ souvenir එකේ අන්තිම හරියෙ තිබුන නිසදැසක් ළඟ.ඒක ලියුවෙ මමයි,මගෙ අතිජාත මිත්‍රයා වන දිලිනයි.

Science Day එකේ souvenir එක හදන්න බාරවුනේ මටයි,දිලිනටයි.වැඩේ එක පයින්ම බාරගත්ත අපි දෙන්නා,නිවාඩු දවසක සෙට් උනා දිලින ලොක්කගෙ ගෙදර.හෝමගමින් හොඳ කොත්තුවක් කාපු අපි දෙන්නා,කාපු කොත්තුව බඩට බහින්නත් එක්ක 5km ක් එක හුස්මට දුවගෙන අවා,කෙළින්ම ඇවිත් නතර වුනේ දිලින ලොක්කගෙ ගෙදර.ඊට පස්සේ souvenir එක හදන්න හිතින් හොඳ master plan එකක් ගහපු අපි දෙන්නා,හිතපු ප්ලෑන sketch කළා.මධ්‍යම රාත්‍රිය වෙනකන්,හොඳ සින්දු ටිකක් කනට වැටෙන්න රේඩියෝ එකේ මීටරේට දස වද දිදී චැනල් මාරු කර කර  ,අපි දෙන්නා souvenir එක sketch කර කර හිටියා.මෙහෙම ඉන්නකොට තමා දිලිනයා කියුවේ,"මචං,සමරුව ලස්සන වෙන්න අපිත් වැඩ කෑල්ලක් දාමු.උඔ හොඳ නිසදැසක් ලියපන්..." කියලා.මටත් ඉතින් හරි පල්ලම,මම කියුවා "මම ලියන්නම්...උඔ ඇඳපන් ඒකට එල චිත්‍රයක්...".ළඟ පාත තිබුණු කොලයක් අරගත්ත මම හිතේ තිබුණ feelings ඔක්කොම එකට එකතු කරලා ලියුවා නිසදැසක්.නිසදැස ලියලා ඉවරවෙනකොටම වගේ මගේ අතිජාත මිත්‍රයත් මම ලියපු නිසදැසට හරියන්න නියම කංචුකයක් ගහලා තිබුනා.අපි දෙන්නා එකතුවෙලා නිසදැසට දැම්ම මාතෘකාව වුනේ "දයාබර යෞවනය" . මෙන්න අපේ නිසදැස....


මේ නිසදැස දැක්කම ජීවිතේ කොච්චර රැඩිකල්ද කියලා මට හිතුණා.A/L කාලෙදී අපි දෙන්නට තිබුණෙ දහසක් බලාපොරොත්තු.  A/L කාලේ හැම කොල්ලෙක්ම දකින normal හීන තමයි අපි දැක්කෙත්. දිලින ලොක්කා කළේ Maths.මෑන්ස් හිතාගෙන හිටියෙ ඉංජිනේරුවෙක් හරි Air Force Pilot කෙනෙක් හරි වෙන්න.මම කළේ Bio.මගේ හිතේ තිබුණ අහිංසක බලාපොරොත්තුව වුනේ දොස්තර කෙනෙක් වෙන්න.ඒත් results ආවට පස්සේ ඒ හීන එහෙම්මම කෑලි කෑලිවලට අපි ඉස්සරහම බිඳිලා ගියා.කොටින්ම කියනවානම්,අපි දෙන්නා ජීවිතේ කවදාවත් නොහිතපු පැති 2කට තල්ලු වෙලා ගියේ  නොදැනුවත්වම කියුවොත් මගේ අතිජාත මිත්‍රයා මගෙත් එක්ක එකඟ වෙනවා ඇති.අද දිලින ලොක්කා Mora යුනියෙ Architecture Department එකේ එල වැඩකරුවෙක්.මගේ ජීවන එන්ජිම දුවන්නේ කොම්පියුටර් ලොජික්ස්,කොම්පියුටර් ලැන්වේජස් එක්ක තමා.කවුද හිතුවෙ අපි මේවා කරයි කියලා.ජීවිතේ හිතපු දේවල්, කරන්න හිතාගෙන හිටපු දේවල් කොච්චර  වෙනස් වුනත්,අපි දෙන්නගෙ එදා ඉඳන් තිබුණ යාලුකම වෙනස් වෙලා නෑ අංශු මාත්‍රයකින්වත්.ඒ ගැන අපි ඉතාමත් නිහතමානීව ආඩම්බර වෙනවා.

මේ ඔක්කොම මතකයන් අතරේ හිරවෙලා හිටපු මට,යාන්තමට වගේ අම්මගෙ කටහඬ ඇහුනා.souvenir එක පැත්තකින් තියලා,කර කර හිටපු වැඩේටත් එහෙමම තිත තියලා,මතකෙට හදිසියෙන් වගේ ආපු සුන්දර මතක ටික එකට පොදි කරගෙන අම්මා ඉන්න දිහාට හිමින් හිමින් ඇදුනා.ඇත්තටම ජීවිතේ කොච්චර රැඩිකල්ද කියලා මට ආයිත් කල්පනා උනා......

Sunday, September 2, 2012

2007 - අග්නි සරයේ මතක (I)





උදේ පාන්දරම ගෙදර phone එක වදින්නට විය ..........සම්පූර්ණ රැයක් නිදිමරා සිටි කස්ටිය තවමත් වැඩය ... souvenir එකේ වැඩ තව ඉතුරුයි .... machine 3 4 ක් ගහලා plug point උනුවෙලා වැක්කෙරෙන ගානට රත් වෙලා ... ඒත් අපි නෙවෙයි අත ඇරියේ ... කට්ටියම හිටියේ ලොකු හීනයකය ....ඒ එදා මෙදා තුර කරන ලද ලොකුම science day එක කරන්නටය .... පලවෙනි පාරට youth centre එක student society එකක වැඩකට වෙන්කරා .. ඉස්කෝල 118කට ආරාධනා පත් ලෑස්තියි .  projectors 3ක් . live quiz completion එකක් , වැඩිම ඉස්කෝල ගාණක් ආපු quiz competition 1st round එක . දිනපු අයට crystal trophy එකක්.... සුපිරි trailer එකක්  , පළවෙනි පාරට day එකක් වෙනුවෙන් poster campaign එකක් , media partners add දානවා radio වල, එන හැමෝටම කන්න perera & sons කෑම සහ tiara rollo , decoration වලට arc welded metal sculptures, ලක්ෂ 2කට වැඩි budget , event organizing ගැන වෙනමම අත්දැකීම් ලබමින් අපි සුපිරි හීනයක් හැබෑවන මානයක හිටියා .........
මචං ඊයේ නුගේගොඩ පුපුරපු බොම්බේ හින්දා youth එකේ events ඔක්කොම cancel කරන්න වෙලාලු , කොදාගොඩ මිස් කියනවා ඇවිල්ලා පොඩ්ඩක් කථා කරගන්න කියලා phone එක answer කරපු මට maths සභා ධර්මසේන කිව්වා .......
මේ පණීවිඩය හරියට අර අච්චිට අසාධ්‍යයි : අවසන් කටයුතු අනිද්දා වගේ පණීවිඩයත් බව කට්ටියට තේරුණා ....අපේ ගෙදර සිටි TT , ප්‍රවීන් , යසස් , හියල් අපි සියළු දෙනා ආයේ ඉස්කෝලෙට දුවගෙන ආවා .
ප්‍රවීන් සහ ධර්මසේන සමග එකතු වී යොහාන්ගේ කඩෙන් කොත්තු කා cocala හොරෙන් උස්සා plan කරන ලද අග්නි සරයද , මාමා සහ හියල් APIIT කාරයන්ට ලොවෙත් නැති talks දී ගත් sponsorshipsද, යසස් විසින් පෙරේරාටද එතනින් නොනැවතී ඔහුගේ පුතුටද තෙල් බෙදා ගත් perera & sons refreshmentsද ,  චමල් විසින් ලංකාවේ සුපිරිම හරස් ප්‍රශ්න අසන්නා වන චමුදිත සමරවික්‍රමගේ ( ජනහඩ නිවේදක) හරස් ප්‍රශ්න වලින් ගැලවී ලබා ගත් media sponsorship එකද , බස් වල නැග කටු කා විකිණු ticket වල මහන්සියද (ටිකට් විකිණූ කථා වෙනම ලියන්න පුළුවන් තරම් ආතල්) මේ සියල්ලටම වඩා පංති 6ක සිටි අපි කට්ටිය දුටු පොදු සුනුදර දැවැන්ත හීනය එක දවසක් ඇතුළත කඩන් වැවුනා ...නිවාඩු දෙන්න දවස් දෙක 3කට කලින් කරන්න හිටිය day එක මාස ගාණකට කල් දාන්න සිද්ධ උනා ....
නිවාඩුවට පස්සේ කට්ටියම ආයේ ආවේ මූණූ කොරහක් කරගෙන ...
මෙහෙමයි තමුන්ලට විකල්ප නැහැ....... මේක පොඩියට ඉස්කෝලේ ඇතුලේ කරන්න . පෙපා lab එකේදී organizing committee එකට කිව්වා .......
සර් youth එකේ තව මාස එකහමාරකින් විතර dates ගන්න පුළුවන් කට්ටිය කිව්වා ....
මම දැන් කිව්වානේ විකල්ප නැහැ කියලා අයිසේ පෙපා ආ‍ෙයත් කිව්වා ........
කථා කරලා තීරණයක් අරං ඉක්මනට අපිට කියන්න
අපිට කථා කරන්න දෙයක් ඉතිරී වෙලා තිබ්බේ නැහැ ......... ආපු අවුලට තාරක lab එකේ පුටුවකට පයින් ගහලා එලියට බැහැලා යන්න යනවා ...එතන මේසේ හිටිය බුද්ධී ක්‍රිෂාණී , ටයනි , දේෂාණි කරගන්න දෙයක් හිතාගන්න බැරුව ඔහේ ඉන්නව . අපි ආයේ section එකට ගිහින් කට්ටියත් එක්ක කරන්න දෙයක් කල්පනා කරනවා ....
අපි එන්නම් බං කථා කරන්න පෙපා එක්ක මිස්ලා එක්ක..... කොහොම හරි youth එකේ කරමු බං අරුණ කොටා , කමල් , හිරා ආවේගෙන් කිව්වා ......
ඔව් අපිත් එන්නම් අපරාදේ හලෝ ඉරේෂා කිව්වා
අඩෝ සල්ලි තියනවා බං කරමු භාණ්ඩාගාරික භාග්‍ය කිව්වා ........

හීනේ සැර බස්ස ගන්න අපි කවුරුත් ලෑස්ති නැහැ ....... මහ පිට්ටනියේ නටන්න හිටිය තොයිලේ ලබ්බ ඇතුළු නටන්න හිත හදා ගන්න අමාරුයිනේ ...... දැන් මුළු section එකම මල ගෙදර වැනිය ....
අපි day එක කරන එකෙන් අයින් වෙමු බං ....ඉවරයිනේ එතකොට , 2007no science day ”
අන්තිමට අපි තීරණයකට ආවා . චරිත් ධර්මසේනත් , චමලුත් මේක පෙපාට කියන්න ගියා ...  
තමුසෙලාට බැරිනම් කියනවා ..... අපි පොඩි කට්ටිය දමිමලා කරවන්නම් .... අයවැය ටික හදලා තියන සල්ලිත් එක්ක නිත්‍යෘනුකුලව වැඩේ භාර කරලා ඉවත් වෙන්න ඉවරයිනේ එතකොට
පෙපා අපිව ආයෙමත් හිර කරලා දැම්මා . මාස ගානක් තිස්සේ අපි හදපු අග්නි සරය වෙන කාට හරි දෙන්න අපිට හිත දුන්නෙ නැහැ .... අන්තිමට අකමැත්තෙන් හරි  2008-01-11 දවසේ අග්නි සරය කරන්න අපි කැමති වෙනවා ...
අඩෝ අනික් එවුන් අවුල් යයිද දන්නෙ නැහැ බං අපි මේක ඇතුලේ කරන්න හා කිව්වා කියලා ඒ වෙද්දී austrailiyාවේ අයියාට යවන්නට තිබූ රු 15000ක් file print කරන්නටද දමා, උපරිමයෙන් අග්නිසරයට කැප වී සිටි TT creations කිව්වේය .....
ඇත්තටම කවුරුත් ඒකට කැමති ... එත් නොකරා බැරි විදියට අපි හිර උනා .....
අන්තිමට 500GB hard එකක  data , floppy disk  එකකට දානවා වගේ ඔක්කොම අපේ පොඩි hall එක ඇතුළේ කරන්න උනා ....youth එකේ stage එකේ පැත්තකින තියන්න හදපු සැරසිලි අපේ hall එකේ තිබ්බම මුළු stage එකම වැහෙනවා ... ඒවා එළීයට දාන්න උනා ... තිසර හදපු ගෝලමාන පහන අමාරුවෙන් ඇතුළුට දාගත්තා. ත්‍රිමගේ ලැපෙන් සහ තව කොහෙන්දො හමිබ උන dell ලැපි එකකින් අපි වැඩේ ඇද්ද ... ආයේ තාරක උගේ ලොකු අයියාගේ lap එක හොරෙන් උස්සන් එනවා හිටපු ගමන් ..... නාට්ටම්මිලා වගේ චමල්ගේ ගෙදර ඉදලා hall එකේ රෙදි අරං ඇවිත් සිවිලිමේ leak එහෙම වහලා අපි 01 වෙනි මාසේ 11 වෙනිදා අග්නි සරය කරනවා .....
මේ අපේ ඉස්කෝල කාලෙන් හොදම අත් දැකීම් වලින් එකක් ...... මම ලියන්න ගියේ අග්නි සරය දවසේ වෙච්ච ආතල් දෙවල් ටිකක් උනත්.. ලියන් යද්දි මේ කාපු කට්ටේ රහ මතක් උනා .. ඒ හින්දා ඒක ලියන්න හිතුනා ... ඒ තරමට ඒක රහයි ...ඒ හින්දා day එක දවසේ කථා වෙන දවසක ලියනවා .... මේ ඇවිස්ස මතකය හින්දා මම කට්ටිය sign කරපු අග්නි සරය souvenir එක පෙරලා පෙරලා බලන්න පටං ගත්තා ...... ඒකේ එකෙක් මෙහෙම sign කරලා තියනවා (sign කලේ කව්ද කියලා දන්නේ නැහැ)

අපි ඒකේ කොහොම හරි කලානේ බං


අපි අග්නිසරය ඉවර වෙලා 

රෑ නිදි මරං TT හැදූ cover page එක | TT තවමත් ණය ගෙවන FILE කවරේ



මට අමතක වෙච්ච දෙවල් ගොඩක් ඇති ...... සමාවෙන්ට ඒවට ..අඩු පුරවපල්ලා.....

(ආයේ අපේ භාණ්ඩාගාරික භාග්‍යට මොකක් හරි චාටර් එකක් උනා වගේ මතකයි ... ඊළගට ලියන්න කවිරුහරි පින්වතෙක් ඒක මතක් කරනවාද ????? :D :D :D )