එහෙන් මෙහෙන් කොලයක ලියු කවියක් යැයි කීමට අපහසු වාක්‍ය 2ක් 3ක් පින්තුරයකට දමුවද හරිහමන් දෙයක් ලියන්නට සිත් නොවීය . ඒ තරමට පහුගිය
දවස් දියාරුය .මුස්පේත්තුය , කොටින්ම කිව්වොත් කලකිරෙන සුළුය . දැන් කියාද මහ ලොකු
වෙනස් නොවූද අද දින ලියන්නට පොඩි
උත්තේජනයක් වැනි දෙයක් ඇති විය . අද මගේ අතිජාත මිතුරා අපේ ගෙදර අවේය. කෑම සහ film බැලීම ඇරෙන්න අමුතු දෙයක් නොකලද පොඩි පොඩි මතකයන් අවුස්සන්ට අතරින් පතර ඇති
වු පොඩි පොඩි කථා සමත් විය.
කාපිරි සංගීතයක්
(African fusion) computerයේ play වෙමින් තිබුනි . මේ දවස්
වල මම අසමින් සිටින්නේ ගොත්‍රික සංගීතයි (මානසික තත්වය ගැන ඔබම හිතා ගන්න) එය
වෙනස් කරමින හියල් උගේ phone එක machine එකට සම්බන්ධ කර ඔහුගේ phone එකේ playlist එක දැමුවේය ....... එහි
තවමත් අපි එදා ආස කල සිංදු ඇත ......
“ඔබ නැතිව ඉන්න බැරි තරමට
- ඔබ හිතට ඇවිත් හිමි හිමිහිට” .....
ඒ දවස් වල අපේ ප්රියතමයකි (වයසේ හැටියටද සිංදුව නේ)....
ඒත් සමග වට පිටාව hardboard වලින් බෙදා තිබු අපගේ 9
වසර පංතිය බවට පෙරලිනි ........ Talking to an old friend makes you realize how
much your life has changed. යැයි මූණු පොතේ පිටුවක්
ඇත්තේ ඇයි දැයි මට යන්තම් මෙන් වැට හෙන්නට පටන් ගත්තේය . වෙනස් වීම සරල දෙයකි
නමුත් සිදු උන දේ දකිද්දී අමුත්තක් දැනේ .
ඔබ නැතිව ඉන්න බැරි තරමට - හිතට ඇවිත් හිටි එකක්
දරුණුවටම ඒ දවස් වල මට හිවියේය ... මට ඒක මතක් විය . එක වරම මට “කුසුමා.......... ලතා......” යැයි කෙනෙකු කෑගසනු
ඇසිනි ඒ තාරකය. කුසුම ලතා යනු ඔහුගේ favorite
සිංදුවකි . ඔහුගේ කුසුම
ලතා හිටියේ 8 වසරේය ........
සුදු බතල කෙල්ලෙක් (නම මතක විදියට කාංචනා) උඩට hardboard එකක් පෙරලා මුළු පංතියම ගුටි කෑවේ එහිදීය . හිරා සහ මම
සල්පිලෙන් crisco tin එකක් උස්සා මාට්ටු උනේ
මෙහෙදීය . සුදු බුද්ධික නදීශානීට දුන් ලියුම මුළු පංතියක් එකතු වී ලිව්වේ මෙහිදීය
.............. එකවරම දේව වරමකින් මෙන් මට මුළු ඉස්කෝල කාලයම මතක් වෙන්නට විය
.....
හියල් 6 වසරේදී ඉතා පෙම්වත්ව යසස්නීට දුන් වෙසක් card එකද ඒකට අපි හූ කියු
හැටිද මට මතක් විය ....smata විසින් නුවන්තිගේ ඔළුව පැලූ හැටිද ඒ දොරේම වැදී කළු
යසන්තයාගේ දතේ භාගයක් කැඩී ඌ blue
tooth උන හැටිද , 6 වසරේ මුල්
දිනයේ පරණ ඉස්කෝලෙට යන්න ඕන යැයි කියා කිනාත් ඇඩු හැටිද . අනුරාධයා පාර පනින්න
ගොස් පාර මැද්දේ වැටී දනගාපු හැටිද. Andrew
හෙවත් ජම්බුවා නාන්න හොර
බව ඔහුගේ අම්මා ප්‍රසිද්ධියේ ගුරු දෙගුරු රැස්විමේ කියු ආකාරය මට අද මෙන් මතකය
......බගලවතී ඉස්කෝල හාමිනේ (කුමාරි මිස්)අපිට එලවා එලවා නෙලපු හැටිද ඇයට මාවද
අරුණ කොටාවද නොරිස්සූ ආකාරය.... දිලූශි ඉමේධා දස්නි ප්රමුඛ කාන්තා විමුක්ති
වාදීන්ට මදටිය ඇට වලින් විද සිරිපාල සර් එලොව පොල් පෙන්නූ ආකාරයද . 9-E පංතියෙන් bat එකක් උස්සා මාව්වු උන
හැවිද මතක් විය .....
තවද මාගේ පරණ ප්‍රේම පුරාණයන්ද එහෙන් මෙහෙන් මතක් වන්නට
විය ..... තාරක සමග උදේ වරුවෙත් interval
එකෙත් දවල්ට ප්‍රවීන්
සමගද පන්නිපිටිය හංදියට ගාටමින්ද මාමණ්ඩියගේ කාර් එකත් සමග හොරා පොලිස් ඇල්ලු හැටි
මට මතක් විය ...... වෙනුරිගේ අක්කා බැලීමට යසන්ත ඉන්දීවරයත් මමත් අතේ පිච්චිය
හූරාගෙන බීම බිව් හැටිද ... 10 වසරේදී ඉතා සුන්දරව දිග ඇරුනු කස්ටියගේ (අංජුල ,
පොලා etc) ප්‍රේම වෘතාන්ත සිහිවිය
. පිටු 4ක් පිරෙන්නට අංජුල , කිනාත් , මම සහ පොලා විසින් ලියු මැලේ අච්චාරුවක්
වැනි පුලින නිරෝශාට දුන් ලියම ඇස් ඉදිරියේ පෙනිනි. ඉසුරු ඉලංගයාගේ උපදෙස් පරිදි
චරිත් දිලිනිගෙන් ඇසු හැටිද උපදෙස් වල අවුලක් ගොස් සුමිත්‍රා මිස්ට මාට්ටුවීමද
සිහිවිය.
Flashback එකේ වේගය අඩුවිය ....
දැන් අපි හෝගාලා අග්නිසරය වෙනුවෙන් වැඩය ඒ adavcance level කාලයයි.... තාරකත් ගුණේත් හෝගා competition වැඩය .... TT creations හෝගා සුපිරි videos හදයි එහෙත් මක්
කොරවත් dharamapla vidyala යන්න ඌට dharmapala ලෙස type කල නොහැකිය .....ඒ අස්සේ
ලතිකයා පෙපාගේ නම බිත්තියේ ලියා මාමාටද ලෙන්චියාටද තිසරයාටද තුයියාටද සේනාටද මටද ඔහු හා
එක්වී මුළු section එකේම තීන්ත ගාන්නට විය.......
pond එකේ පිනන්නට ගොස් ශාන් බඩා purse එක දමා ගොසින්ය ....... මුඨ සෙනගම අතේ මාට්ටුය . day එක ඉවර වී “සිතක් නම් සිත්තම්”සින්දුවට නටන්නට ගොස් ලොකු හාමුදුරුවෝ පරල වූ ආකාරය මගේ දැස් ඉදිරියේ
පෙනේනට විය ....
මෙලෙස බොහෝ කථා මට මතක් වන්නට විය .......... මේවායින්
සමහර ඒවා ටික දෙනෙතකු පමනක් දන්නා ඒවාය ...... සමහර ඒවා මම පමණී ... බැරි වෙලාවත්
මැක්කෙක් ඉද මට මේ සියල්ල අමතකව ගියහොත් යැයි මාරම බයක් මට ඇති විය ...
දුකක් සිතේ දැනුනේ නැ මා හට , අද මට දැනෙනු වගේ
ක්ලැරන්ස් කිවේ නිකම් නොවේය . මා මේ දත කන්නේ ඒ සතුටු අතීතයට යන්නටය ....ඇත්තටම
එහි අද මෙන් කුණු කන්දල් නැත අපිටද අද මෙන් rat race මානසිකත්වයක් නැත. එහෙයින් ඇහැකි ඇහැකි විට පාසලේ සිද්ධි අද සිට ලියන්නට මට සිතුනි . මේ ආරාධනය
මගේ ඉස්කෝලේ කස්ටියට මෙයට set වී ලියන ලෙසටයි ...........
A\L M-2 set එකෙන් පිරිසක්
ලියන්න පින්තූර දාන්න