Friday, August 31, 2012

දුකක් නොදැනුනු ඒ අතීතයට යන්නට


එහෙන් මෙහෙන් කොලයක ලියු කවියක් යැයි කීමට අපහසු වාක්‍ය  2ක් 3ක් පින්තුරයකට දමුවද හරිහමන් දෙයක් ලියන්නට සිත් නොවීය . ඒ තරමට පහුගිය දවස් දියාරුය .මුස්පේත්තුය , කොටින්ම කිව්වොත් කලකිරෙන සුළුය . දැන් කියාද මහ ලොකු වෙනස්  නොවූද අද දින ලියන්නට පොඩි උත්තේජනයක් වැනි දෙයක් ඇති විය . අද මගේ අතිජාත මිතුරා අපේ ගෙදර අවේය. කෑම සහ film බැලීම ඇරෙන්න අමුතු දෙයක් නොකලද පොඩි පොඩි මතකයන් අවුස්සන්ට අතරින් පතර ඇති වු පොඩි පොඩි කථා සමත් විය.
 කාපිරි සංගීතයක් (African fusion) computerයේ play වෙමින් තිබුනි . මේ දවස් වල මම අසමින් සිටින්නේ ගොත්‍රික සංගීතයි (මානසික තත්වය ගැන ඔබම හිතා ගන්න) එය වෙනස් කරමින හියල් උගේ phone එක machine එකට සම්බන්ධ කර ඔහුගේ phone එකේ playlist එක දැමුවේය ....... එහි තවමත් අපි එදා ආස කල සිංදු ඇත ......
ඔබ නැතිව ඉන්න බැරි තරමට - ඔබ හිතට ඇවිත් හිමි හිමිහිට .....
ඒ දවස් වල අපේ ප්‍රියතමයකි (වයසේ හැටියටද සිංදුව නේ).... ඒත් සමග වට පිටාව hardboard වලින් බෙදා තිබු අපගේ 9 වසර පංතිය බවට පෙරලිනි ........  Talking to an old friend makes you realize how much your life has changed. යැයි මූණු පොතේ පිටුවක් ඇත්තේ ඇයි දැයි මට යන්තම් මෙන් වැට හෙන්නට පටන් ගත්තේය . වෙනස් වීම සරල දෙයකි නමුත් සිදු උන ‍දේ දකිද්දී අමුත්තක් දැනේ .
ඔබ නැතිව ඉන්න බැරි තරමට - හිතට ඇවිත් හිටි එකක් දරුණුවටම ඒ දවස් වල මට හිවියේය ... මට ඒක මතක් විය . එක වරම මට කුසුමා.......... ලතා...... යැයි කෙනෙකු කෑගසනු ඇසිනි ඒ තාරකය. කුසුම ලතා යනු ඔහුගේ favorite සිංදුවකි . ඔහුගේ කුසුම ලතා හිටියේ 8 වසරේය ........
සුදු බතල කෙල්ලෙක් (නම මතක විදියට කාංචනා) උඩට hardboard එකක් පෙරලා මුළු පංතියම ගුටි කෑවේ එහිදීය . හිරා සහ මම සල්පිලෙන් crisco tin එකක් උස්සා මාට්ටු උනේ මෙහෙදීය . සුදු බුද්ධික නදීශානීට දුන් ලියුම මුළු පංතියක් එකතු වී ලිව්වේ මෙහිදීය .............. එකවරම දේව වරමකින් මෙන් මට මුළු ඉස්කෝල කාලයම මතක් වෙන්නට විය .....
හියල් 6 වසරේදී ඉතා පෙම්වත්ව යසස්නීට දුන් වෙසක් card  එකද ඒකට අපි හූ කියු හැටිද මට මතක් විය ....smata  විසින් නුවන්තිගේ ඔළුව පැලූ හැටිද ඒ දොරේම වැදී කළු යසන්තයාගේ දතේ භාගයක් කැඩී ඌ blue tooth උන හැටිද , 6 වසරේ මුල් දිනයේ පරණ ඉස්කෝලෙට යන්න ඕන යැයි කියා කිනාත් ඇඩු හැටිද . අනුරාධයා පාර පනින්න ගොස් පාර මැද්දේ වැටී දනගාපු හැටිද. Andrew හෙවත් ජම්බුවා නාන්න හොර බව ඔහුගේ අම්මා ප්‍රසිද්ධියේ ගුරු දෙගුරු රැස්විමේ කියු ආකාරය මට අද මෙන් මතකය ......බගලවතී ඉස්කෝල හාමිනේ (කුමාරි මිස්)අපිට එලවා එලවා නෙලපු හැටිද ඇයට මාවද අරුණ කොටාවද නොරිස්සූ ආකාරය.... දිලූශි ඉමේධා දස්නි ප්‍රමුඛ කාන්තා විමුක්ති වාදීන්ට මදටිය ඇට වලින් විද සිරිපාල සර් එලොව පොල් පෙන්නූ ආකාරයද . 9-E පංතියෙන් bat එකක් උස්සා මාව්වු උන හැවිද මතක් විය .....




තවද මාගේ පරණ ප්‍රේම පුරාණයන්ද එහෙන් මෙහෙන් මතක් වන්නට විය ..... තාරක සමග උදේ වරුවෙත් interval එකෙත් දවල්ට ප්‍රවීන් සමගද පන්නිපිටිය හංදියට ගාටමින්ද මාමණ්ඩියගේ කාර් එකත් සමග හොරා පොලිස් ඇල්ලු හැටි මට මතක් විය ...... වෙනුරිගේ අක්කා බැලීමට යසන්ත ඉන්දීවරයත් මමත් අතේ පිච්චිය හූරාගෙන බීම බිව් හැටිද ... 10 වසරේදී ඉතා සුන්දරව දිග ඇරුනු කස්ටියගේ (අංජුල , පොලා etc) ප්‍රේම වෘතාන්ත සිහිවිය . පිටු 4ක් පිරෙන්නට අංජුල , කිනාත් , මම සහ පොලා විසින් ලියු මැලේ අච්චාරුවක් වැනි පුලින නිරෝශාට දුන් ලියම ඇස් ඉදිරියේ පෙනිනි. ඉසුරු ඉලංගයාගේ උපදෙස් පරිදි චරිත් දිලිනිගෙන් ඇසු හැටිද උපදෙස් වල අවුලක් ගොස් සුමිත්‍රා මිස්ට මාට්ටුවීමද සිහිවිය.
Flashback එකේ වේගය අඩුවිය .... දැන් අපි හෝගාලා අග්නිසරය වෙනුවෙන් වැඩය ඒ adavcance level  කාලයයි.... තාරකත් ගුණේත් හෝගා competition  වැඩය .... TT creations හෝගා සුපිරි videos හදයි  එහෙත් මක් කොරවත් dharamapla vidyala යන්න ඌට dharmapala ලෙස type කල නොහැකිය .....ඒ අස්සේ ලතිකයා පෙපාගේ නම බිත්තියේ ලියා  මාමාටද ලෙන්චියාටද තිසරයාටද තුයියාටද සේනාටද මටද ඔහු හා එක්වී මුළු section එකේම තීන්ත ගාන්නට විය....... pond එකේ පිනන්නට ගොස් ශාන් බඩා purse එක දමා ගොසින්ය ....... මුඨ සෙනගම අතේ මාට්ටුය . day එක ඉවර වී සිතක් නම් සිත්තම්සින්දුවට නටන්නට ගොස් ලොකු හාමුදුරුවෝ පරල වූ ආකාරය මගේ දැස් ඉදිරියේ පෙනේනට විය ....
මෙලෙස බොහෝ කථා මට මතක් වන්නට විය .......... මේවායින් සමහර ඒවා ටික දෙනෙතකු පමනක් දන්නා ඒවාය ...... සමහර ඒවා මම පමණී ... බැරි වෙලාවත් මැක්කෙක් ඉද මට මේ සියල්ල අමතකව ගියහොත් යැයි මාරම බයක් මට ඇති විය ...
දුකක් සිතේ දැනුනේ නැ මා හට , අද මට දැනෙනු වගේ ක්ලැරන්ස් කිවේ නිකම් නොවේය . මා මේ දත කන්නේ ඒ සතුටු අතීතයට යන්නටය ....ඇත්තටම එහි අද මෙන් කුණු කන්දල් නැත අපිටද අද මෙන් rat race මානසිකත්වයක් නැත. එහෙයින් ඇහැකි ඇහැකි  විට පාසලේ  සිද්ධි අද සිට ලියන්නට මට සිතුනි . මේ ආරාධනය මගේ ඉස්කෝලේ කස්ටියට මෙයට set වී ලියන ලෙසටයි ........... 



A\L M-2 set එකෙන්  පිරිසක්



ලියන්න පින්තූර දාන්න




13 comments:

  1. Nice work DJ Nawa..sinhalen type karana nam kammali..but me tikath ekathu karanam..sudu pahathi diga kalisama andina dinaya dakwa ude pandara payak kalin pasal avith 9-D ekath ekka waliyata hamadama sellam kara hatith,Thariya agnisaraya wenuwen file business kara bankoloth una hatith,Mulu raama nidi natiwa souvenier ekak hadan ude pasal awahama day eka kal gihin bawa danagath hatith.."Sithak nam" vdo eka masayak vitara record karala,edit karala antimata tappara 15kata wada play karana bari una hatith ..Pond eke snanaya karana gaman pahala amba gahen amba kadagena vith kola paata kara pond wathuren hodaa kaa hatith amathaka wana ekak nam naha..tawa podi web cam ekak aran movie hadu hatith sonduruya..FBI ID ekak saadagena purse eke dama gia hati....a kalaye apita barak una a sahalluwa ada apa langa natha..

    ReplyDelete
  2. ‍ස‍ම‍න‍ල ‍රැ‍නක්‍ ‍සේ ‍ඉ‍ගි‍ලී ‍අ‍කු‍ර‍ට ‍ගි‍ය ‍පා‍සල්‍ ‍කා‍ලේ.. ‍ආ‍යෙත්‍ ‍එ‍න‍වා ‍නම්‍ ‍අ‍පේ ‍දි‍වි‍ය‍ට ‍ආ‍ස‍යි ‍එ ‍ලස්‍‍ස‍න ‍කා‍ලේ..

    ReplyDelete
  3. මතකද සමාජ අධයනය period1 ආතල් ගත්තු හැටි...දැන්නම් මිස්ගෙ නමත් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ආහ් අර පටන් ගන්න වචනේ සහ අන්තිම වචනේ විතරක් ඇහෙන මිස් ..... අයියෝ සල්ලි

      Delete
  4. ඒ සියලුම මතකයන් අතරේ අපේ A/L ට්‍රිප් එකත් මතක් කලානම් අගනේ යැයි සිතමි......බසයට නැගගත් ගමන්ම මුලින්ම සිදුවූයේ ශානක උගේ ඩ්‍රම් සෙට් එක සීට් එකක බැඳගෙන ඩ්‍රම් ගැසීමට පටන් ගැනීමයි.නමුත් මගක් යන විට එය නැත.අන්තිමේදී ඉතුරු වූයේ බොන්ගො එක පමනි.....ඉසුරුවා සහ කුසුම් ගේ ප්‍රේමයේ තවත් කඩ ඉමක් වුයේ එදාය....මයුරගේත් සෙව්වන්දිගේත් එසේමය.මයුරත් සෙව්වන්දිත් එකම සීට් එකේ එන විට සුනිල මිස්ගේ රබර් ඇහැ නිතරම එදෙසට කැරකුනේ නිරායාසයෙන් මෙනි. වික්ටොරියා පාක් එකේදී උණු කිරි බොමින් සිටියදී කිරි කෝප්පය වලයාගෙ ඇඟට වැටුනු විට අත උස්සා බෙල්ල හරවා උගේ කටින් පිටකල වචන සෙට් එක අදටත් මගේ මතකයේ ඇත....ඒ අතීතයට නැවත යන්නට ඇත්නම් මොනතරම් අගනේදැයි අනන්තවත් සිතී ඇත....

    ReplyDelete
    Replies
    1. අඩේ ටිප් එක කිව්වහම මටත් මතක්‍ වෙන්නේ දිලිනයගේ හොදම යාලුවා ඩ්‍රම් ටික බැදගත්ත එකම තමයි බන්

      Delete
  5. kochara lassanda a kale,ai dilina oya hinda mn kapu katak call araganna gihin.kochara pissu natuwada api e dawaswala matkada api HP ayyegunuth salli illagena pantiyma ice cream kapu hati api nisa dawask ara ahinska chemistry mis banum ahuwe pepagen oyala kalin kala charith sindu kiyapu hati pantiye nidagatta hati kochara mathk kalth athi wennati mathakyn hitata nagedi a kaleta ayeth yanna athnm yai sithata nagen wara ananthi apramani......

    ReplyDelete
    Replies
    1. call කරන්න අපි කාපු කටු ගැන වෙනම blog එකක් ලියති හැකි .....

      Delete
  6. @Dilina:: Niyamai Machan......
    @Praveen:: .... 9D vs 9B ..... (Sama Sathiye dinakama pandara 7 sita 8 dakwa)

    ReplyDelete
  7. 9B sonduru mathakayn godagaka totanak...science mis guti kapu hati, manel mis hitawala tiba hati elle gahanna gihin api kapu katu kochara sundarada a dawas aye kawadwt jiweteta noyena a sundara mathkayn sada amaraniyai.....

    ReplyDelete
    Replies
    1. ලියන්න ඉරේෂා .....comment විතරක් දාලා නවතින්න එපා .....

      Delete
  8. Praviya Kiuwa wage dilinaya sinhalen nam podak amarui....kochara lasana mathakayan api laga tiyenawada e kale idan..mathakada dilina api LIT class arila karapuwa???ai dawasak kottawe JVP1 meeting1k dawase weerasiriyen aduwen salli dila hitha pirenna wade kapu hati???@ Iresha...athatama 9B kiyanne kawadawath amathaka wenne nati class1k...eke karapuwa kiyapuwa api dan meet unat ewa ganama katha karanne ewa athatama godak rasawath nisane...issara mathakada praviya 9B cricket team1??? 9D class1 th ekka gahanne malatamai...ubalai api section 2ka hitiyath ehe eun commerce kali walata bahina kota roththa pitin thama ape section1 ta enne...e wagema tama ape eunnut...
    Thawa hodama seen1k may welawe mage mathakayata enawa...api sil gathane...e sil gannakota bana kiyanna wadinawane sadu kenek...mata name 1 prasiddiye kiyanna amarui ne ban...e nisa man uta X kiyala kiynam...ithin machan may X kiyana dial 1 sadu bana kiyala iwarauna witarai sadu ge slipers 2 dagena skul1 wate raum gahala gahala enakam hamuduruwanta inna una kiyannako Putuwa udatama wela may X daruwa enakam..X daruwa awahama clz teacher kiyapu kathanam kiyala wadak naaa....e mathakayan hamadama ape sith wala amaraniyai....

    ReplyDelete
    Replies
    1. අම්මෝ lit class එකේ කථා නම් .... ඇයි බං මාඩම් පෙනි පෙනි අපි class එක cut කරලා ගියේ .. ආයේ නිදාගෙන ඉන්නකොට මැඩම් පොත කියවන්න කිව්වම වෙන කොහේදො බයිලා තැනකින් කියවන්න ගන්නේ :D .... ඔය මගුලේ subject එක මොකට කරාද මන්දා බොහොම අමාරුවෙන් S එකක් දා ගත්තේ ....මචං යසන්නත google translator වල Type කරපන් .. උඔලාගේ commerce day එක ගැනත් ලියපන් මචං ......

      Delete