උදේ පාන්දරම ගෙදර phone එක
වදින්නට විය ..........සම්පූර්ණ රැයක් නිදිමරා සිටි කස්ටිය තවමත් වැඩය ... souvenir
එකේ වැඩ තව ඉතුරුයි .... machine 3 4 ක් ගහලා plug point උනුවෙලා
වැක්කෙරෙන ගානට රත් වෙලා ... ඒත් අපි නෙවෙයි අත ඇරියේ ... කට්ටියම හිටියේ ලොකු
හීනයකය ....ඒ එදා මෙදා තුර කරන ලද ලොකුම science day එක
කරන්නටය .... පලවෙනි පාරට youth centre එක student
society එකක වැඩකට වෙන්කරා .. ඉස්කෝල 118කට ආරාධනා පත් ලෑස්තියි . projectors 3ක්
. live quiz completion එකක්
, වැඩිම ඉස්කෝල ගාණක් ආපු quiz competition 1st round එක . දිනපු අයට crystal trophy එකක්.... සුපිරි trailer එකක් , පළවෙනි
පාරට day එකක් වෙනුවෙන් poster campaign එකක් , media partners add දානවා radio වල,
එන හැමෝටම කන්න perera & sons කෑම සහ tiara rollo
, decoration වලට arc welded metal sculptures, ලක්ෂ 2කට
වැඩි budget , event organizing ගැන වෙනමම අත්දැකීම් ලබමින් අපි සුපිරි හීනයක්
හැබෑවන මානයක හිටියා .........
“මචං ඊයේ නුගේගොඩ පුපුරපු බොම්බේ හින්දා youth
එකේ events ඔක්කොම
cancel කරන්න වෙලාලු , කොදාගොඩ මිස් කියනවා ඇවිල්ලා
පොඩ්ඩක් කථා කරගන්න කියලා ”
phone එක answer කරපු
මට maths සභා ධර්මසේන කිව්වා .......
මේ පණීවිඩය හරියට අර “අච්චිට
අසාධ්‍යයි : අවසන් කටයුතු අනිද්දා”
වගේ පණීවිඩයත් බව කට්ටියට තේරුණා ....අපේ ගෙදර සිටි TT , ප්‍රවීන්
, යසස් , හියල් අපි සියළු දෙනා ආයේ ඉස්කෝලෙට දුවගෙන ආවා .
ප්‍රවීන් සහ ධර්මසේන සමග එකතු වී යොහාන්ගේ කඩෙන්
කොත්තු කා cocala හොරෙන් උස්සා plan කරන
ලද “අග්නි සරයද”
, මාමා සහ හියල් APIIT කාරයන්ට ලොවෙත් නැති talks දී ගත් sponsorshipsද,
යසස් විසින් පෙරේරාටද එතනින් නොනැවතී ඔහුගේ පුතුටද තෙල් බෙදා ගත් perera
& sons refreshmentsද , චමල්
විසින් ලංකාවේ සුපිරිම හරස් ප්‍රශ්න අසන්නා වන චමුදිත සමරවික්‍රමගේ ( ජනහඩ නිවේදක)
හරස් ප්‍රශ්න වලින් ගැලවී ලබා ගත් media sponsorship එකද
, බස් වල නැග කටු කා විකිණු ticket වල මහන්සියද
(ටිකට් විකිණූ කථා වෙනම ලියන්න පුළුවන් තරම් ආතල්) මේ සියල්ලටම වඩා පංති 6ක සිටි
අපි කට්ටිය දුටු පොදු සුනුදර දැවැන්ත හීනය එක දවසක් ඇතුළත කඩන් වැවුනා ...නිවාඩු
දෙන්න දවස් දෙක 3කට කලින් කරන්න හිටිය day එක
මාස ගාණකට කල් දාන්න සිද්ධ උනා ....
නිවාඩුවට පස්සේ කට්ටියම ආයේ ආවේ මූණූ කොරහක්
කරගෙන ...
“මෙහෙමයි තමුන්ලට විකල්ප නැහැ....... මේක පොඩියට ඉස්කෝලේ
ඇතුලේ කරන්න . ” පෙපා lab එකේදී
organizing committee එකට කිව්වා .......
“සර් youth එකේ
තව මාස එකහමාරකින් විතර dates ගන්න පුළුවන් ” කට්ටිය කිව්වා ....
“මම දැන් කිව්වානේ විකල්ප නැහැ කියලා අයිසේ” පෙපා ආෙයත් කිව්වා ........
“කථා කරලා තීරණයක් අරං ඉක්මනට අපිට කියන්න ”
අපිට කථා කරන්න දෙයක් ඉතිරී වෙලා තිබ්බේ නැහැ
......... ආපු අවුලට තාරක lab එකේ පුටුවකට පයින් ගහලා එලියට බැහැලා යන්න යනවා
...එතන මේසේ හිටිය බුද්ධී ක්‍රිෂාණී , ටයනි , දේෂාණි කරගන්න දෙයක් හිතාගන්න බැරුව
ඔහේ ඉන්නව . අපි ආයේ section එකට ගිහින් කට්ටියත් එක්ක කරන්න දෙයක් කල්පනා
කරනවා ....
“අපි එන්නම් බං කථා කරන්න පෙපා එක්ක මිස්ලා එක්ක.....
කොහොම හරි youth එකේ කරමු බං ”
අරුණ කොටා , කමල් , හිරා ආවේගෙන් කිව්වා ......
“ඔව් අපිත් එන්නම් අපරාදේ හලෝ” ඉරේෂා කිව්වා
“අඩෝ සල්ලි තියනවා බං කරමු” භාණ්ඩාගාරික භාග්‍ය කිව්වා ........
හීනේ සැර බස්ස ගන්න අපි කවුරුත් ලෑස්ති නැහැ
....... මහ පිට්ටනියේ නටන්න හිටිය තොයිලේ ලබ්බ ඇතුළු නටන්න හිත හදා ගන්න අමාරුයිනේ
...... දැන් මුළු section එකම මල ගෙදර වැනිය ....
“අපි day එක
කරන එකෙන් අයින් වෙමු බං ....ඉවරයිනේ එතකොට , 2007ට
no science day ”
අන්තිමට අපි තීරණයකට ආවා . චරිත් ධර්මසේනත් ,
චමලුත් මේක පෙපාට කියන්න ගියා ...
“තමුසෙලාට බැරිනම් කියනවා ..... අපි පොඩි කට්ටිය
දමිමලා කරවන්නම් .... අයවැය ටික හදලා තියන සල්ලිත් එක්ක නිත්‍යෘනුකුලව වැඩේ භාර කරලා
ඉවත් වෙන්න ඉවරයිනේ එතකොට”
පෙපා අපිව ආයෙමත් හිර කරලා දැම්මා . මාස ගානක්
තිස්සේ අපි හදපු අග්නි සරය වෙන කාට හරි දෙන්න අපිට හිත දුන්නෙ නැහැ .... අන්තිමට
අකමැත්තෙන් හරි 2008-01-11 දවසේ අග්නි සරය කරන්න අපි කැමති වෙනවා ...
“අඩෝ අනික් එවුන් අවුල් යයිද දන්නෙ නැහැ බං අපි
මේක ඇතුලේ කරන්න හා කිව්වා කියලා ” ඒ වෙද්දී austrailiyාවේ අයියාට යවන්නට තිබූ රු 15000ක් file print කරන්නටද
දමා, උපරිමයෙන් අග්නිසරයට කැප වී සිටි TT creations කිව්වේය
.....
ඇත්තටම කවුරුත් ඒකට කැමති ... එත් නොකරා බැරි
විදියට අපි හිර උනා .....
අන්තිමට 500GB hard
එකක data ,
floppy disk එකකට
දානවා වගේ ඔක්කොම අපේ පොඩි hall එක ඇතුළේ කරන්න උනා ....youth එකේ stage
එකේ පැත්තකින තියන්න හදපු සැරසිලි අපේ hall එකේ
තිබ්බම මුළු stage එකම වැහෙනවා ... ඒවා එළීයට දාන්න උනා ... තිසර
හදපු ගෝලමාන පහන අමාරුවෙන් ඇතුළුට දාගත්තා. ත්‍රිමගේ ලැපෙන් සහ තව කොහෙන්දො හමිබ
උන dell ලැපි එකකින් අපි වැඩේ ඇද්ද ... ආයේ තාරක උගේ ලොකු
අයියාගේ lap එක හොරෙන් උස්සන් එනවා හිටපු ගමන් .....
නාට්ටම්මිලා වගේ චමල්ගේ ගෙදර ඉදලා hall එකේ රෙදි
අරං ඇවිත් සිවිලිමේ leak එහෙම වහලා අපි 01 වෙනි මාසේ 11 වෙනිදා අග්නි සරය
කරනවා .....
මේ අපේ ඉස්කෝල කාලෙන් හොදම අත් දැකීම් වලින් එකක්
...... මම ලියන්න ගියේ අග්නි සරය දවසේ වෙච්ච ආතල් දෙවල් ටිකක් උනත්.. ලියන් යද්දි
මේ කාපු කට්ටේ රහ මතක් උනා .. ඒ හින්දා ඒක ලියන්න හිතුනා ... ඒ තරමට ඒක රහයි ...ඒ
හින්දා day එක දවසේ කථා වෙන දවසක ලියනවා .... මේ ඇවිස්ස මතකය
හින්දා මම කට්ටිය sign කරපු අග්නි සරය souvenir එක පෙරලා පෙරලා බලන්න පටං ගත්තා ...... ඒකේ එකෙක්
මෙහෙම sign කරලා තියනවා (sign
කලේ කව්ද කියලා දන්නේ නැහැ)
“අපි ඒකේ කොහොම හරි කලානේ බං”
අපි අග්නිසරය ඉවර වෙලා
රෑ නිදි මරං TT හැදූ cover page එක | TT තවමත් ණය ගෙවන FILE කවරේ
මට අමතක වෙච්ච දෙවල් ගොඩක් ඇති ...... සමාවෙන්ට ඒවට ..අඩු පුරවපල්ලා.....
(ආයේ අපේ භාණ්ඩාගාරික භාග්‍යට මොකක් හරි චාටර් එකක් උනා වගේ මතකයි ... ඊළගට ලියන්න කවිරුහරි පින්වතෙක් ඒක මතක් කරනවාද ????? :D :D :D )
(ආයේ අපේ භාණ්ඩාගාරික භාග්‍යට මොකක් හරි චාටර් එකක් උනා වගේ මතකයි ... ඊළගට ලියන්න කවිරුහරි පින්වතෙක් ඒක මතක් කරනවාද ????? :D :D :D )
Mekath maxxxa machan......
ReplyDeleteCover eka dakiddi asawe ba.....
thank u wewa baaghya ... :)
Deleteපට්ටි මචන්..keep it up bro.. භාග්යට මොකක් හරි උන තම බන්..මතක na මටත්.. souvenir හදල උන එක නම් කවදාවත් අමතක වෙන එකක් නැ බන්..ලැප් 3ඉ,ඩෙස්ක්ටොප් 2ඉ..computer 5ක් උස්සන් ගිහින් අම්මෝ දුන්න ගේමක්..TT සහ මාමා තුරුල් වෙලා නිදාගෙන ඉන්න Video එක නැ නේ හොයාගන්න?? සිතක් නම් සිත්තම් රෑනය් video එකට උන එක තමා අනිත් එක..raa 12 විතර වෙනකම් school එක ඉඳල කලින් දවසේ ගිහිල්ල, day එක දවසේ උදේ පාන්දර 3ta නැගිටලා මාස 3ක්ම record කරපු vdo tapes 3ක තිබ්බ vdo එකින් එක බල බල උදේ 10 වෙනකම් vdo එක edit කරලා විනාඩි 3ක් 4ක් වෙන හදාගෙන ඇවිත් day එක ඉවර වෙලා දාල තප්පර 10ක් play වෙන්න හම්බුනේ නැති උනාම මගේ හිතට ආපු සොඳුරු හිතුවිලි තාමත් මතකය් a වගේම...ඉක්මනටම day එක දවසේ ඒවත් ලියපන්..එල කිරි මචන්..
ReplyDeleteඅනුරුද්දයලගේ (ඇස දෙක ටීකේ) ගෙදර ගිහින් nightak ගහල අපේ සබාය්(චරිත්),manga ekka දාපු fun එකත් අමතක වෙන්නේ නැ මචන්..වෙලාවක් හම්බුනේ ගමන්,poster galawanna gihin,manga හොරෙන් පොස්ටේර් ගලවන්න රෑ 1කත විතර light කනුව udata nagala ඉදිදි policiyeයෙන් අපු කතාවත් ලියනම්...
keep it up machan..
ඒහ් බං ප්‍රවියා ... google transltrවත් දාලා ලියපන් කථා ....මචං උඹගාව තියනවනම් සිතක් නම් video එක upload කරපන්කෝ .....
ReplyDeleteඑල එල ලියනම් මචන්..සෙමෙස්ටේර් එක පටන් ගත්ත විතරයි මචන්..සතියක් දීපන්න්..කෑල්ල කෑල්ල ලියපු එකක් තියෙනවා..එකතු කරලා දාන්නම්..
Deletenice memories :)
ReplyDelete