a/l පටන් ගැනීමත් සමග සියළුම පන්ති වල සූදු කෙලිය
දරුනුවටම සිද්ධ විය . පන්තියක card pack එකක්
අනිවාර්්‍ය සාධකයකි . sportmeet කාලයේ අතිරේක ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙස ආරම්භ වූ මේ
සූදූ කෙළීය ටික දවසකින් පන්තියේ දවසේ අනිවාර්්‍ය සාධකයක් විය ... බැරි යැයි සිතා අධෛර්යය
නොවී අපේ පන්තියේ සිටි කෙල්ලන්ද මේ ඕමි කෙළීයට set විය
. මට මතක විදියට සමහර වේලාවල් වල පන්තියේ ඕමි
සෙල්ලම් 5ක් සිදුවුන වේලාවන්ද විය . maths section එක
ටික දවසකින් casino royal මෙන් වූයේ m-3 එක
විසින් වෙන වෙන card ක්‍රීඩාද හදුන්වාදීමත් සමගය ...අවසනාවන්ත ලෙස මේ
සියළු දේශීය ආදායම් පොදු විනෝදාසිවාද දෙපාර්තමේන්තුව වැසී ගියේ පෙපා පොලීසිය විසින්
කල හදිසි වැටලීමක් වැටලීමක් නිසාය ...මේ කියන්නට යන්නේ ඒ වැටලීම සිදු වූ
ආවාසනාවන්ත ඇත්ත කථාවයි .....
කථාව කියන්නට පෙර මම කථෘ නායකයා වන මදූෂ වලවගේ (වල වගේ) හෙවත් වලා ගැන කිව යුතුය . වලා යනු හොද
මීටරයකි එහෙත් කොහෙන් ගියත් ගොන් පාට් වැඩකව කැමැත්තෙන්/අකමැත්තෙන් දැන/නොදැන
අනුමොදං වීමේ සහජ හැකියාවක් ඔහුට විය ...දිනක් බොහොම පරිස්සමට ඉස්කෝලයද කට් කර ගෙදරටද
හොරා අවිස්සාවේල්ලේ නාන්නට ගොස් කිසුදු අතුරැ ආන්තරාවක් නොවී නැවැත ගෙදඑ පැමිනි ඔහු
වැඩි හොදට තෙත යට ඇදුම වැලේ වනා ගොස් ඇත්තේ ඉක්මනට වෙලීමටය ... “මොකද පුතේ ඉස්කෝලේදි චූවත් ගියාද දන්නේ නැතුව” ජිවිතේට ආපු ගමන් රෙදි නොසෝදන තම පුත්‍ර රත්නයගේ
තෙත ජොකා දුටු අම්මා ආසා ඇත .... වලාට එයින් වැලේ වැල් නැත .
අලුතිනා sim එකක්
ගත් මම දිනක් වලාට miss call එකක් ගැසුවෙමි .... හැරෙන තැපෑලෙන් ආයේ මට miscall
එකකි ....මම ආයේ rings 2 ක් දුන්නෙමි .....
<who
r u ….?? >
අම්මට සිරි කිව්වලු වලා කඩ්ඩෙන් කොටයි
මම : <I know u ayya…… whats ur skull
ayya ? > වැඩි posh එකට
මම ayya යැයි ඔහු ඇමතුවෙමි
වලා : <i`m from royal collage nagi>
කෑගැස්සෙනවා .... කවද ඉදලද බොල ධර්මපාලෙට royal
කියන්න ගත්තේ ...... එදා සිට ඔහු royal වලාය .....
ඒ ඔහු ස්වකැමැත්තෙන් කරගත් වැඩය .....
ආයේ ඔහු a/l ලියන්න
ආවේ කනේ තඩි plasterayක් ගසාගෙනය .... ප්‍රශ්න පත්‍ර දෙන්නට පෙර ශාලාවේ
ඉදන් සිටි සිට කොල්ලො මේක දැක්ක වෙලේ සිට කෑගසන්නට ගත්තෝය ....
“ආහ් වලා තෝ Bluetooth ගහන්
ආවා නේ? ”
“කව්ද අර camps ගියපු
අයියද එහා පැත්තේ line එකේ ඉන්නේ ?” ආදී
මොන්ගල් ප්‍රශ්න අසන්නට විය...
“අනේ පල හු....”යැයි
නොකියා කියා ඔහුද ආතල් එකට සෙට් වෙවි එයට නොයෙකුත් උල් පන්දම් දෙයි ....
“ඔව් බං 500ක reload එකක්
දාලා ආවේ ....”
මේක බලං සිටි ශාලාධපති මැඩම්ට මූ ගැන ඇත්තටම සැක
හිතේන්නට ගත්තේය ......දැං ඇය මෙය ගොස් තව කෙනෙකුට කියයි ... ඇයද කසු කුසු ගාමින්
මූ දිහා බලං සිටී .... වලාද අඩුවක් නැතුව හැමටම සංග්‍රහ කරන සිනහාවෙන් කට පුරා ඇයටද
සංග්‍රහ කරයි ... ඒක මැඩම්ට කොහොමටවත්
දිරෙව්වේ නැත ... එවර පෙරලාගෙන වලා ළගට පැමිණි මැඩම් ඔහුත් එක්ක මොනවදෝ කථා කරයි
... ආයේ bolt point පෑනෙන් මුගේ කනට අනින්න හදයි ... මූද නිකන් jet
lee block කරන් මෙන් එහේ මෙහේ වෙයි .. ආයේ මැඩම් හීමීට
සිනහවක් පාමින් චාටුවෙන් මෙන් මුගේ plaster එක
ගලවන්න try කරයි ...එතන හෙනම විකාරයකි ... අවසානයේ දැඩි
උත්සාහයකින් පසු මූ Bluetooth දමා නැති බව ඇය තහවුරු කරගත්තාය .... ඒ වලාට bonus set උනු
සිද්ඨීයකි ...... මෙලෙස වලා සහ ඔහුගේ දෛවය ගැන යම් අවබෝධයක් දැන් ඔබට ඇතැයි මම
සිතමි ......
ඔන්න දැන් original කථෘව
......
සේනාත් මමත් වලාත් චන්නත් එක කෙලවරක සෙල්ලම් කරයි
... තව කෙලවරක සෙම යුවල (සෙව්වන්දි මයුර) සහ මතක
විදියට අෂෘන් සහ ඉරේෂා සෙල්ලම් කරයි ..... එවෙලේ දියවැඩියා රෝගියකු මෙන් නිකර
දොට්ට පිලට යන චරිත් කාලිංග පංතියට පැමිණයේ මූණ පිසදමමින් “ඒහ් පෙපා එනවා කියමින්ය”
.... වෙනදා කෑගසමින් පෙරලගෙන එන චරිත් අද හෙමින් එනේනේ පෙපා අතගාවම ඇති නිසා බව
කස්ටියට තේරුණී .... අනෙක් set එක සැනකින් card වික
පහත් කරගන්නට සමත් විය . අම්මට සිරි පෙපා පන්තියේ දොරකඩය ...
සුපුරුදු ලෙස සේනාගේ හොරබාල්දු නිසාද , අපි
දෙදෙනා විසින් එවෙලේ ක්‍රීඩාවේ උන්නතීයට සහ අපගේ වාසියට සැදූ නිතී කිහිපයක් නිසා සේනා
සහ මම සිටියේ කපෝතියක් ගසා කැට කොළ 5ක් ගන්නට අත ළගය ... පෙපාගේ රූපශ්රීයද ,
ඔහුගෙන් අනත්තවත් කා ඇති කම්මුල් පාරවල්ද සිහිවූ මම හිමීට “ඒහ් අත පල්ලෙහා දාපං”
යැයි කීවෙමි . තවමත් අපි වාසානාවනතයි පෙපා තවමත් අප දැක නැත . පන්තියද මීයට
පිම්බාක් මෙන් සද්ධයක් නැත . වලා ඇරෙන්න අනෙක් දෙදෙනා timing ඇතුව අත හංගා ගන්නට සමත් විය ...
game
එකට full set වී
දොරට පිටුපා සිටි වලා සිතිවේ මම මේ
කියන්නේ “ ආහ් තොපිලා පරාදයි අපි කපෝතිය ගැහැවා ඒ හින්දා අත
පල්ලෙහා දාපං ” යැයි කියනවා කියාය ...
අඩෝ කම්බ හොරු දෙන්නා තොපිලට දිනන්න දෙන්නේ
කොහොමද යැයි සිතින් සිතමින් දිව විකා ගත් ඔහු කපෝතිය නැවැත්වීමේ දැඩි අධීෂ්ඨානයෙන් පුටුවෙන්ද
භාගෙට නැගිටමන් ... full silent පංතිය දෙක වෙන්න කෑගසමින් මෙසේ කිව්වේ චන්නයාට
ඇගිල්ලකුත් දිකු කරමින්ම .
“අඩෝ ඉස්කෝප්ප බූරුවා ගහපං ඉස්කෝප්ප බූරුවා ගහපං ”
“ආාාාහ් ඉස්කෝප්ප
බූරුවා නේ ..... මෙහෙට වර ... තොපිලට විභහගයක් අතළග තියාගෙන ඉස්කෝප්ප බූරුවා නේ
කියන්නේ ”
අපි ගසමින් සිටි අත පමණක් නොව මුළු පන්තියම කපෝති
විය .... පෙපා card pack එක කුදලා ගෙන ගියේය .. වලා වැඩි හොදට සාක්කුවේ
තිබු කැට කොල විකද දුන්නේ හදිසියේ පෙපාටද අතක් බලන්නට සිතුනොත් කැට හිග වී අපහසු
තාවයක් ඇති නොවීමටය .......
එයින් පසු ඕමි ක්‍රීඩාව අපගේ ප්‍රසිද්ධ සුලභ
භාවිතයෙන් ඉවත් වු අතර , royal වලාගේ උපැන්නයද “ඉස්කෝප්ප
බූරුවා” ලෙස වෙනස් විය .....
a/l වලින් “ඉස්කෝප්ප
බූරුවා” කොළඹ campus
physical science selecte විය ....
දිනක් නිකමට මෙන් පරණ කස්ටිය හමුවීමේ අදහසින් මම කොළඹ campus එකට ගිය විට මට වලාව හමු විය .. ඒ නිකන් නොව
තවත් නාඹර එකියක් සමගය ..... කොළඹ campus
සිටින sacry සහ තාරක සමග මම සිටිනු දුටු වලා හෙමිහිට කෑල්ලව
හලා අපි ළගට ආවේය .... shape එකේ මට ළං වු ඔහු මෙලෙස මැසිවිලි නගන්නට විය ....
“අඩෝ අර ඉස්කෝප්ප බූරුවාගේ කථාව මෙහේ උන්ටත් ආරංචි
වෙලා බං ...... ”
http://dharmapalamemories.blogspot.com/
ReplyDeleteඑල එල පට්ටයි මචන්...M3 එකේ සිදුවුන games casino වලත් තාම නැහැ මන් හිතන්නේ..
ReplyDeleteඔය සිද්දියෙන් සතියකට පමණ පසු ශිෂ්‍ය නායක කැළ විසින් මුළු section එකම වටලන ලද අතර ඩෙස්ක් යට සහ bag වල තිබී M3 එකෙන් pack 5ක් ඇතුළුව Section එකෙන් card pack 13ක් සොයාගන්න ලදී..එහෙත් පසුව පෙපා පැත්තකට වෙන තෙක් සිට ආදරණීය ශිෂ්‍ය නායකයෙක්ගෙන් pack 3ක් නැවත පන්න ක්‍රීඩාව නැවත පටන් ගන්න ලදී..
Apith Kawa ne ban pepa gen...Habai e madushani genapu card gahala ne...
Deleteow umbala mokakda amuthu card jathiyak genwa ...pepath kora una eka dakala :D :D....
Deleteaffa..ow bung me ape clz eke kello tama apiwath narak kare bhagya.. :p neh bung?
Deletepack 3na genawe kawda itin ? :D
ReplyDelete